අ.පො.ස. (අපොයි පොත් වලට ගිය සල්ලි) [උ/පෙ]

Wednesday, November 11, 2009 by sajith

මේ දවස් වල A/L කරලා ගෙදර ඉන්න එකේ නිකමට හිතුනා A/L ගැන මොනවහරි ලියන්න. ඔන්න 2006 දි මම හා හපුරා කියලා O/L ලියලා ඉවර කලා විතරයි සතියකට වඩා ගෙදර හිටියෙ නෑ ඔන්න ඉතින් 2007 ජනවාරි 02 ඉදලාද කොහෙද A/L වලට tution යන්න පටන් ගත්තා.අපෝ! ඒ කාලේ tution යනවා කියන්නේ පුදුම කරුමයක්. ඇයි දෙයියන්නේ උදේ පාන්දර නැගිටලා උදේ 7.00 වෙද්දි රොටරියට බඩගාපන්කෝ. හැබැයි ඉතින් පස්සේ ටික ටික ඒකට අනුවර්තනය උනා.

ඒ දවස් වල මගේ ප්‍රියතම class එක තමා com.maths class එක. මම දුශ්යන්ත මහබදුගේ සර් ගේ group class එකට ගියේ. Group කිව්වට ඒකේ ළමයි 350 කට වැඩිය හිටියා. කොහොම හරි ඔය විදිහට අවුරුදු 2 ⅓ විතර කට්ට කාලා අන්තිමේදි ගිය අගෝස්තු වල A/L කලා. මට මතකයි සමහර දවස් වල physics class එක උදේ 7.00 ඉදන් රෑ 7.00 විතර වෙනකම් තිබ්බා. ඒත් ඉතින් මොනවා කරන්නද? එක දවසක් හරි class එක මගහැරුනොත් ඊළග දවසේ උගන්වන මේ ලෝකේ දෙයක් තේරෙන්නෙ නෑ. හරියට ග්‍රීක් වගේ. :-)

හැබැයි ඉතින් ඉස්කොලේ ජිවිතේ නම් full ආතල් . A/L කරද්දි ඉස්කොලේ උන දේවල් ගැන පස්සේ දවසක වෙනම post එකක් දාන්නම්.

හැබැයි physics සහ maths class වල අන්තිම දවසේ තිබ්බ class party නම් කියලා වැඩක් නෑ. මල් හතයි :-)

ඔන්න ඉතින් පහුගිය අගෝස්තු 11 නමෝ විත්තියෙන් pure maths paper එක ලිව්වා.මට මාර සතු‍ටුයි. මොකද ඒක සපේක්ශව ලෙසියි. ඉතින් 13 වෙනිදා චිත්තප්‍රිතියෙන් යුතුව applied paper එක ලිව්වා. අපෝයි දෙයියනේ එදා මාව විනාස උනා :-( . විනාස උනා නෙමෙයි applied paper එක මාව විනාස කලා. දැන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑනේ ඉතින්. කොහොම හරි අනිත් subjects දෙක නම් හොදට කරා මම හිතන්නෙ.

බලමුකෝ ප්‍රතිපල ආවහම තත්වේ කොහොමද කියලා. Campus තේරුනෝතින් නම් ගොඩේ ගොඩ. නැති උනොත් ඉතින් අයෙත් බඩගාපන්කෝ revision class. අනේ දෙයියනේ මෙහෙමත් උලව් විභගයක් වෙන කිසිම රටක නැතුව ඇති. මීට වඩා හොදයි A/L tution කඩයක් class එකක් දාගත්ත නම්. ආයි ඉතින් සල්ලි ගහක් හිටෙව්වා වගේ නේ.

ඔන්න හැමෝටම මගේ ගානේ campus වන්දනාවට සූදානම් වීමේ ගාථාවත් මේ එක්කම post කරනවා.

campus

0 comments:

Post a Comment