ගොඩ කාලෙකට පස්සෙ...

Friday, December 17, 2010 by sajith

මාස ගානකට පස්සේ ආයෙත් බ්ලොග් එක පැත්තෙ ආවා. මීට කලින් මුකුත් පෝස්ට් කරන්න බැරි උනේ වෙලාවක් නැති උන නිසා නෙමෙයි... කම්මැලිකම නිසා. :D කොහොමහරි කම්මැලිකම යන්නත් එක්ක ආයෙත් බ්ලොග් එක ලියන්න ඕනෙයි කියල හිතුනා...

මේ කාලය අතරතුර උන වැදගත්ම දේ තමයි කැම්පස් පටන්ගත්ත එක... හැබැයි දැන් කැම්පස් යන්න පටන් අරගෙන මාස හයකට කිට්‍ටුයි... මේ මාසෙ අන්තිමට final exam එක.. ඒක නිසා දැන් ටික ටික ඇක දානව. කොහොමහරි ඉතින් exam එක ගොඩයන්න එපැයි. හැබැයි ජනවාරි වල ඉදන් ගොඩාක් දුරට කැම්පස් එකේ වැඩ අඩුයි... මම හිතාගෙන ඉන්නෙ ජනවාරි වලින් පස්සෙ මේ වෙනකම් මගේ කැම්පස් ජීවිතේ අත්දැකීම් මොනවද කියලා පෝස්ට් ටිකක් දාන්න...

එහෙනම්... දැන් ඇක දාන්න යන්න ඕනි... හැමෝටම සුභම සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා... අලුත් අවුරුද්දෙ ආයෙත් හම්බවෙමු...  :D

x_mas_and_happy_new_year_by_artcoreatticus-d34m06a

Ubuntu 10.04 ඇතුලෙ windows 7 install කරමු.

Monday, May 24, 2010 by sajith

උබන්‍ටු 10.04 ඇතුලෙ windows7 install කරමු කිව්වට මේ ක්‍රමයෙන් ඕනෑම OS එකක් මත වෙනත් ඕනෑම OS එකක් install  කරගන්න පුලුවන්. මම මේකට පාවිච්චි කලේ Oracle VM VirtualBox නැමැති software එකයි.හැබැයි මේ software එකෙන් guest OS එකක් install කළහම ඒ OS එක window එකක් ඇතුලෙ තමයි run වෙන්නෙ. ඒත් ඒ guest OS එක window එකක් තුළ නැතිව මුලු screen එකේම run කරන්න පුලුවන් විදිහක් තියෙනවා.

ඒකට කරන්න තියෙන්නෙ guest OS එක run කරලා Devices –> Install Guest additions යන්න select කරලා Guest Additions install කරගන්න එකයි.

guestadditionals

පසුව Machines –> Seamless Mode select කළහම guest OS එකේ සහ host OS එකේ GUI දෙකම integrate වෙනවා.

seamelessmode 

එවිට පහත ආකාරයට OS දෙකේම එකවර වැඩ කරන්න පුලුවන් වෙනවා.මටනම් මේක අලුත් අත්දැකීමක්. ඔයගොල්ලෙත් අත්හදා බලන්නකෝ වැඩේ කොහොමද කියලා ;-)

screenshotdf

අලුත්ම doodle එක – Pac man...

Saturday, May 22, 2010 by sajith

ගූගල් මගින් මීට වසර 30 කට පෙර ලොවට ඉදිරිපත් වූ සහ ඉන්පසුව ලොවපුරා ඉමහත් ජනප්‍රියත්වට පත්වූ Pac man නම් arcade game එකෙහි 30 වෙනි උපන්දිනය සැමරීමට google.com හී ගූගල් logo එක pac man game එක බවට සකස් කරල තියෙනවා. ඔබ තාමත් play කලේ නැත්තම් දැන්ම කරලා බලන්න මීට වසර 30කට පෙර කම්පියුටර් ගේම් මොන වගේද කියලා...

pacman

ඒ වගේම insert coin button එක click කළහම දෙදෙනෙකුට play කිරීමේ හැකියාවකුත් තියෙනවා. මට නම් මේක මුලින්ම play කරනකොට දිනන්නෙ කොහොමද කියන එක තේරුනේ නැහැ. පස්සෙ තමයි මීටර් උනේ ඔය තියෙන ඔක්කොම තිත්(dots) ටික pac man කන්න ඕනි කියලා. පේන්නෙ නම් සිම්පල් වැඩක් වගේ. ඒත් play කරලම බලන්නකෝ.

තව දෙයක් කියන්න තියෙනවා. google මගින් මීට කළිනුත් විශේෂ අවස්ථා සහ දිනයන් වලදි google logo එක ඒ අවස්ථාවට හෝ දිනයට ගැළපෙන්න වෙනස් කරනවා. ඒ වෙනස් කරපු logo වලට කියන්නෙ ඩූඩල්ස්(Doodles) කියලා. මුලින්ම ආපු ඩූඩල් එක තමයි පහල තියෙන්නෙ.1999 දි තමයි ඒක ඉදිරිපත් කරලා තියෙන්නෙ.

googleburn[1]එදා සිට අද දක්වා ගූගල් විසින් ඩූඩල්ස් දහසකට ආසන්න ප්‍රමානයක් නිර්මාණය කර තිබෙනවා. පහළින් දැක්වෙන්නෙ ඒවයින් කිහිපයක්.

dna

einstein

50th Anniversary of Understanding DNA - (Global) [Apr 25, 2003]

Albert Einstein's Birthday - (Global) [Mar 14, 2003]

sesame_street_ensemble-hp olympics08_opening

40th Anniversary of Sesame Street - (Selected Countries) [Nov 10, 2009]

2008 Beijing Olympic Games - Opening Ceremony - (Global) [Aug 08, 2008]

earthday09 tesla09

Earth Day - (Global) [Apr 22, 2009]

Birthday of Nikola Tesla - (Global) [Jul 10, 2009]

hubble10-hp piday10-hp

Hubble Space Telescope's 20th Anniversary - (Global) [Apr 24, 2010]

Pi Day - (Selected Countries) [Mar 14, 2010]

මේ වගේ තවත් ඩූඩල්ස් මෙතනින් බලන්න... :D

update : මේ වෙනකොට(24/05/10) google home page එකෙන් pac man ගේම් එක අයින් කරල තියෙන්නෙ. ඒත් ඔයගොල්ලන්ට තාමත් ඒක online play කරන්න ඕන නම් මෙතන click කරන්න. ඒ වගේම ගේම් එක offline play කරන්න ඕන නම් අදාල files ටික ඩවුන්ලෝඩ් කරගන්න මෙතන click කරන්න.

සිතන්නට යමක්

Wednesday, May 19, 2010 by sajith

Susan Boyleමට මේ ලිපිය ලියන්න හිතුනෙ youtube එකේ වීඩියෝවක් දැකලා. ඒකෙ තියෙන්නෙ  Susan Boyle නැමැති 47 හැවිරිදි  කාන්තාව බ්‍රිතාන්‍ය රියැලිටි තරඟයකට ඉදිරිපත් වීම පිළිබඳවයි. ඇය වේදිකාවට පැමිණ ඇගේ විස්තර සහ ඇගේ සිහිනය වෘත්තීමය වශයෙන් ගායිකාවක් වීම යැයි පවසන විට මුලු ප්‍රේක්ෂකාගාරයම ඇයව සමච්චලයට ලක් කරනවා. නමුත් ඇය ගායනය අරඹනවාත් එක්කම මුලු ප්‍රේක්ෂකාගාරයම අසුන් වලින් නැගිට ඇයට අත්පෙළොසන් දෙනවා. පොඩ්ඩක් හිතන්න මේ ප්‍රේක්ශකයන් ඇයව දු‍ටු විටම ඇගේ ගායන හැකියාව ගැන කිසිවක් නොදැන ඇගේ බාහිර ස්වරූපය මත එළඹුනු නිගමනයක් නිසා ඇයව සමච්චලයට ලක් කිරීම මනස උසස් යැයි කියන මිනිසාගේ කෙතරම් පහත් ක්‍රියාවක්ද?

මෙය එක් සිදුවීමක් පමණි. මෙවන් අවස්තා තවත් කොපමණ සිදුවී ඇත්ද? ඉදිරියට සිදුවේවිද? මක්නිසාදයත් අපිට ලෝකයා සිතන පතන විදිහ වෙනස් කළ නොහැකි බැවින් ඉදිරියටත් මෙවන් සිදුවීම් ඇතිවනු නිසැකය. එහෙත් අපට කළ හැකි එක දෙයක් ඇත. එනම් අපි, තමුන් වෙනස් වීමයි. කෙනෙක්ගෙ බාහිර ස්වරූපය, කථා විලාශයෙන්, ඇදුම් පැළදුමෙන් ඔහුගෙ හැකියාවන් කිසිදිනක තක්සේරු නොකරන්න. සෑමවිටම විවෘත, මධ්‍යස්ත සිතකින් තවකෙක් ගැන සිතන්න.

ඒ වගේම කොතරම් ගැරහිලි, බාධක ආවත් ඒවාට බිය නොවී තමුන්ගේ අරමුණ හඹා යන්න. එම ගමනේදී බොහෝ දෙනෙක් තමුන්ගෙ වැරදි දකීවි, තමුන්ව සමච්චලයට ලක් කරාවි, ඒ වගේම බැරිම තැන කරන්න පුලුවන් හැම දුෂ්ඨකමක්ම කරාවි. ඒත් ඒ සියල්ලම සඳහා ඔවුන්ගෙන් පළිගැනීමට ඇති සුදුසුම මාර්ගය ඒ කෙනෙහිලිකම් කිසිවක් හමුවේ නොසැලී තමුන්ගේ අරමුණ සාක්ෂාත් කරගැනීමයි. එවිට තමුන්ට විඳින්නට ලැබෙන තෘප්තිය වචනයෙන් කියා නිමකළ නොහැකි තරම්ය. මේක මම අත්දැකීමෙන්ම කියන දෙයක්. :-)

අවසාන වශයෙන් පහළ තියෙන්නෙ ඒ ආකාරයෙන් තමුන්ගෙ අරමුණ සඵල කරගත් ජයග්‍රාහිකාවක් වන Susan Boyle ගේ ගායනය අඩංගු වීඩියෝවයි.වීඩියෝව නරඹන අතරතුර පොඩ්ඩක් සිතා බලන්න..... වේදිකාවට සූසන් පැමිනෙන විට ඔබත් එහි සිටියානම් ඔබේ ප්‍රතිචාරය කුමක්වනු ඇත්දැයි කියා....

අපූරු කැලැන්ඩරය

Monday, May 17, 2010 by sajith

මෙහි ඇත්තේ දින දර්ශනයක්. එහෙත් මෙහි විශේෂය වන්නේ වසර 10099 ක කාලයකදී වසරේ ඕනෑම දිනයකට අදාළ දවස කුමක්දැයි දැන ගැනීමට හැකිවීමයි.මේක මට හම්බ උනේ නිකන් ඉන්න ගමන් පරණ විජය පත්තර කියව කියව ඉන්නකොට ඒ පත්තරේක තියලා. ඔයගොල්ලොත් මේක කොහොමද කියල බලන්නත් එක්ක දවසක් හොයල බලන්නකො. :-)

දිනය සොයා ගන්නා ආකාරය

1.දිනය දැන ගැනීමට අවශ්‍ය වසරේ මුල් ඉලක්කම් දෙකත් අවසාන ඉලක්කම් දෙකත් පහත වගුව ඇසුරින් සොයාගන්න. එවිට ඔබට ඉංග්‍රීසි අකුරක් ලැබේවි.

year table 

2.මාසය සහ දිනය සඳහන්ව ඇති පහත වගුවෙන් අදාළ ඉංග්‍රීසි අකුරත් සොයාගන්න.

month and day table

3. දැන් වසර හා දිනය ගලපන පහත වගුවේ තිරස් අක්ෂයට වසර අයත් වන ඉංග්‍රීසි අකුරද සිරස් අක්ෂයට දින හා මාස ගැලපීමෙන් ලැබූ අකුරද ‍තෝරා ඔබ සෙවූ වසරේ අදාළ දිනය දක්වන දවස සොයා ගන්න.

matching table