පුංචි සිංහ පැටියා....

Sunday, January 17, 2010 by sajith
මට මේ කතාව අහන්න ලැබුනෙ එළකිරි.කොම් එකේ ත්‍රෙඩ් එකකින්. මේක පොස්ට් කරල තිබ්බෙ thilzz අක්කා. ;) සමහරක් විට ඔයාල මේ කතාව දැනටමත් දන්නව ඇති. ඒත් මට හිතුනා මේක නොදන්න අයටත් දැනගන්නත් එක්ක මේක මගේ බ්ලොග් එකේ ලියන්න. ඇත්තටම හරිම පුදුම වගේම සංවේදී කතාවක්.

මේ කතාව සිංහ පැටියෙක් ගැන. මේ සිංහය පොඩි කාලෙදි John Rendall සහ Anthony "Ace" Bourke කියන දෙන්න හුරතලේට හදාගෙන එංගලන්තෙ එයාලගෙ ගෙදර(1969).







ඒ උනාට ලොකු වෙනකොට සිංහයව එයාල එක්ක ගෙදර තියාගන්න බැරි නිසා අප්‍රිකාවට අරන් ගිහින් කැලේ සතෙක් විදිහට ජීවත් වෙන්න :(.අවුරුද්දකට විතර පස්සෙ එයාව චූටි කාලෙ හදාගත්තු මේ දෙන්න ඒ සිංහයව බලන්න ගිහිල්ල. ඒගොල්ලො හිතල නෑ සිංහය එයාලව අඳුරගනී කියල. ඒ උනාට පුදුමෙ කියන්නෙ සිංහය එයාලව අඳුරගෙන බලන්නකො youtube video එක. :D







ඇත්තටම තිරිසන් සත්තු උනත් මිනිස්සුන්ට වඩා කොච්චර හොඳට කළගුන සලකන්න දන්නවද.... :)

2 comments:

indik said...

සත්තුන්ගෙයි මිනිස්සුන්ගෙයි වෙනස හොඳට පේනව... :)
කවදාවත් මිනිහෙක්නම් ඔයවගේ කරයිද?
මිනිස්සු සිංහයො ඉන්න තැන බය නැතුව ඉන්න හැටි දැක්කම පුදුමත් හිතෙනවා.

sajithdilshan said...

කතාවනම් සීයට දාහක් ඇත්ත... ;)
මටත් ඇත්තටම පුදුම හිතුනා ඒ මිනිස්සු බය නැතිව පූස් පැටව් ටිකක් එක්ක ඉන්නවා වගේ සිංහයොත් එක්ක ඉන්න විදිහ දැකලා.

Post a Comment