හේනෙ මල් වවමුද?

Thursday, November 26, 2009 by sajith

ඔන්න මම ආයෙත් barn buddy (BB) ගැන ලියන්න හිතුවා. මොකද මේ දවස් වල BB එකේ අලුත්ම trend එක තමයි මල් වවන එක. මල් වවනවා කිව්වට ඉතින් ඒක හැමෝටමත් කරන්න බෑ. ඒකට BB credit 7860 ක් දීලා flower shop license එකක් ගන්න ඕනේ. හැබැයි ඉතින් ඊට පස්සේ නම් ඉතින් වැඩේ ගොඩේ ගොඩ :D . මොකද මල් ඉක්මනට වැවෙනවා වගේම ඒවායින් ලොකු ලාභයකුත් ලැබෙනවා. ඒත් ඉතින් මේ license එක ගන්න BB credit හොයා ගන්න එක තමයි ප්‍රශ්නේ. :-(

මේ credit ලැබෙන එක විදිහක් තමයි level up වෙනකොට BB එකෙන් තැගි විදිහට credit ලැබීම. ඒත් ඉතින් මට නම් මතක ඇති කාලෙක ඔය ක්‍රමයෙන් credit ලැබුනේ නෑ. අනික් විදිහ තමයි සල්ලි වලට credit ගන්න එක. එකෙත් අවමය ඇ.ඩො. 5 ක් (රු.550). ඕකට සල්ලි ගෙවනවට වඩා හොදයි ඒ සල්ලි වලින් බඩ පිරෙන්න බුරියානි කන එක. :-)

කොහොම වෙතත් මගේ යාලුවෙක් ඉන්නවා, BB එකේ නියම ගොවියෙක්. නම ඉශාර පරණවිතාණ. එයා තාම ඉන්නේ level 44. එත් මේ වෙනකොට මල් ජාති ඔක්කොම වගා කරලත් ඉවරයි. මට ඉරිසියාවේ බෑ o:) . ඒත් ඉතින් ඉශාරට පින් සිද්ද වෙන්න මට එයාගේ BB එකේ එක එක මල් ජාති වගා කරපු ඒවායේ පින්තූර ටික ලැබුනා. ඒවා පහල දාලා තියේනවා. ඒ අතර ඕකිඩ් මල් වගා කරලා තියෙන පින්තූරේ උපන්දින කේක් එකකුත් තියෙනවා. මොකද අද ඉශාරගේ උපන්දිනේ නිසා BB එකෙන් කේක් එකක් තෑගි ලැබිලා. :D

ඇත්තටම ඉතින් ඔය වගේ හොද ගොවිමහත්වරු BB එකෙන් ඔය විදිහට අගේ කරන එක කොච්චර දෙයක්ද? අනේ ඇත්තටම BB එකේ වගා කරන්න තියෙන මේ උනන්දුව ඇත්තටම වගාකරන්න තියෙනවානම්!!! ( අපි වවමු, අපිම කමු.) ;)

PS: photoes වලට ගොඩක් ස්තුතියි ඉශාර. ඒ වගේම සුභම සුභ උපන්දිනයක් වේවා.

carnation chrysanthemum cyclamen daffodil daisy Hydrangea iris lily orchid rose sunflower tulip

4 comments:

සහන් said...

ගොයියෝ මාත් ඉන්නේ Level 41 ඒත් ඔය කියන credit නං ලැබුනෙ නෑ.......... 70ක් විත‍්ර තියනවා මුල්ම කාලෙ දීපුවා. ආයෙ දෙන පාටකුත් නෑ වගේ :(

sajithdilshan said...

දැන් ලැබුනේ නැති උනාට හැබැයි මට මුල් කාලේ credit 4000 ක් විතර ලැබුනා level up වෙනකොට. කොහෙද මමත් මොඩයා වගේ ඒවයින් ඇපල් ගත්තනේ :-(

අරුණ said...

මමත් වියදම් කරානේබං.. මම මේ කෙරුවාව අතහරිනවා.. දැන් මෙලෝ රහක් නෑ.. මනී තියෙන එකාට සැලකිලි..

sajithdilshan said...

සිරාවට, මනී තියෙන එකාට සැලකිලි, මහන්සිවෙලා වගා කරන එකාට කුඩම්මාගේ සැලකිලි. :-(

Post a Comment