හේන් ගොවියා ( Barn Buddy)

Tuesday, November 10, 2009 by sajith

මමත් ඉතින් A/L ඉවර උනට පස්සෙ බරටම Facebook එකට බැස්සා. ඔහොම ඉතින් එකේ ඉන්න කොට කම්මැලිකමටත් එක්ක Barn buddy ගේම් එක පටන් ගත්තා තමයි, හැබැයි තාමත් ඒකේ ඉවරයක් නෑ. දැන් මාස දෙකකටත් වැඩි. මාව මේකට ඇබ්බැහි වෙලාද කොහෙද. හැබැයි ඉතින් මේක කම්මැලිකම යන්නත් එක්ක හොඳ ගේම් එක. මමනම් කැමතිම අනිත් අයගෙ farm වලින් හොරකම් කරන්න තමයි :-)  ඔන්න බලන්නකෝ මගේ farm  එක. තාමත් හැබැයි බොහෝම ප්‍රාථමික මට්ටමේ තමයි තියෙන්නේ.

My Barn Buddy My Barn Buddy

දැන් මගේ වැඩේම කොයි මොහොතක හරි අන්තර්ජාලයට සම්බන්ද උනොත් barn buddy එකට  යන එක තමයි. සාමාන්‍යයෙන් සූර්යාලෝකය පස්ස පැත්තට වැටෙනකම් නිදාගන්න මට  මේක හින්දා උදේ පාන්දරම නැගිටල අස්වැන්න නෙලන්න වෙලා. නැත්තම් ඉතින් මගේ අපාය සහාය යාලුවන්ට පින් සිද්ද වෙන්න අස්වැන්නට බඩු පැකට්.

4 comments:

මල්ලි said...

මචං බල්ලෙක් ගන්න :) මමත් පාඩුවේ ඉන්න උන්ට ඉන්වයිට් දාල(10 දෙනෙක්ට) නිකම්ම බල්ලෙක් ලැබුන ;)

sajithdilshan said...

බල්ලෙක් හිටියත් හොරකම් කරන්න පුලුවන් විදිහක් තියෙනවා මචන්. මමත් හැබැයි ඉන්වයිට් දාලා තියෙන්නේ. කෝ තාම උන් ඒවා accept කරලා නෑ නේ :-(

මල්ලි said...

බල්ල ඉදිද්දි කොහොමද කඩන්නේ ? :O අන්න ඒක්‍රමය කියන්න මට ;)

sajithdilshan said...

එකට මල්ලි බල්ලා උගේ කූඩුව ගාවට කිට්‍ටු වෙනකොටම හොරකම්කරන්න ( mouse එක click කරන්න) ඕනේ. හරියට කලේ නැත්තම් ඔයාව ඌ හපනවා :-)

Post a Comment