ගොඩ දවසකින් මුකුත් ලියන්නත් බැරි උනා මොකද පහුගිය ටිකේ පරිගනකය අල වෙලා තිබ්බේ. ඊයේ තමයි යන්තම් ගොඩ දාගත්තේ. පහුගිය මාසේ ඉතින් අ.පො.ස. (උ.පෙ) ප්‍රතිපල නිකුත් උනානේ. පෙර පූරුවේ වාසනාවකටද කොහෙද මට 3As තියෙනවා. සන්තෝසේ කියලා නිමකරන්න බෑ :D .අම්මෝ!! ප්‍රතිපල එන දවසේ මගේ ඇගේ ලේ වතුර වෙලා තිබ්බේ. මොකෝ මට applied paper එක ලියපු විදිහට නම් c.maths වලට A එකක් එයි කියලා කිසි විස්වාසයක් තිබ්බෙ නෑ. කොහොමින් කොහොම හරි කොළඹ දිස්ත්‍රික්කයේ 23 වැනියා වෙන්න මට පුලුවන් උනා. :D
ඒ විතරක්ද මේ පාර ජීව විද්‍යා සහ ගණිත අoශ දෙකෙන්ම ලoකාවේ 3 වැනි ස්ථාන ලබා ගත් සිසුන් දෙදෙනාම අපේ ඉස්කෝලේ මගේ හොද ගජ මිතුරො දෙන්නෙක්. කාටද ඉතින් ආඩම්බර? ;) කෙසේ වෙතත් මේ වනතුරු උන් දෙන්නගෙන් එක්කෙනෙක් වත් අපිට තාම party එකක් දුන්නේ නෑ නේ. :(
දැන් ඉතින් ඉස්කොලේ ජීවිතෙත් ඉවරයි. ඒත් ඉතින් තව අවුරුදු 4 ක් විතර campus ගාටන්න එපැයි. අනේ මන්ද වෙලාවකට මට හිතෙනවා මොකට campus select උනාද කියලා. ඒත් ඉතින් එහෙම කම්මැලි වෙලා පුලුවවැයි? campus නොගියොත් මාව ගෙදරින් ගහලා එලවයි. මොනවා කරන්නද, සoසාරේ භවේ දුකා. :(
දැන් ඉතින් campus පටන් ගන්නකම් ගෙදරට වෙලා ඉන්න ගියහම තමයි කම්මැලිකමේ ජීවිතේ එපා වෙන්නේ. ADSL වලට පින්සිද්ද වෙන්න තමයි යන්තම් හුස්මවත් වැටෙන්නෙ. පහුගිය ටිකේ නම් චිත්‍රපටි බල බල කාලේ කෑවා. දැන් එකත් එපා වෙලා තියෙන්නේ :( යාලුවොත් එක්ක රස්තියාදුවේ ගියොත් වැඩිකල් නොගිහින් මාව බoකොලොත් වෙනවා. මොකද දකින දකින එකා මගෙන් party එකක් ඉල්ලනවා. ඇයි දෙයියනේ මම A/L වලට 3As ගත්තයි කියලා මොකෝ මට හතරමහා නිධනේ පහළ උනැයි? :D (ලොල්.... ලගදිම party එක දෙනවා.)
hmmmmm… ලියන්නනම් තව ගොඩක් දේවල් තියෙනවා. ඒත් අදට ඔය ලිව්වා මදැයි. පස්සේ තව විස්තර ලියන්නම්කෝ. :)