ඔන්න ඉතින් දවස් දෙකක් විතර setup files එක දිගට බාගෙන රු.150 කුත් දීලා ඒක DVD එකකට burn කරගෙන නමෝ විත්තියෙන් macosx install කලා. හැබැයි අපරාදෙ කියන්න බෑ කිසිම error එකක් නැතුව install උනා. කරුමෙ කියන්නේ කම්පියුටරෙ restart වෙලා macos boot උනාට පස්සෙ මගෙ PS2 keyboard එකයි mouse එකයි වැඩකරන්නෙ නැතුව ගියානේ.ඕකට තමයි කියන්නෙ අතට ගත්තට කටට දා ගන්න පින නෑ කියලා :( . මොනවා කරන්නද ඔන්න ඔහෙ ඕන මගුලක් කියලා අයෙත් macos දාපු partition එක format කලා. අලි මදිවට හරක් කිව්වා වගේ ඒ පාර windows 7 load වෙන්නෙත් නෑ. missing BOOTMGR කියලා error එකක් එනවා. දන්න වැඩ කිඩ ඔක්කොම දාලා බැලුවත් වැඩේ හරි ගියෙ නෑ. ඒක නිසා ඉතින් මමත් මේ ඉලව් win 7 අයින් කරලා දා ගත්තා උබන්ටු.
දැන් මේ post එකත් ලියන්නෙ උබන්ටු වල ඉදන්. මොනවා උනත් වින්ඩෝස් 7 නැතුව ටිකක් සාංකාව වගේ. එක නිසා උබන්ටු වලට දා ගත්ත wn 7 වගේ theme එකක්. ඔන්න මගෙ උබන්ටු desktop එකේ screenshot එකකුත් මේ එක්ක දානවා. මම මේ පළවෙනි වතාවට තමයි උබන්ටු කොම්පියුටරේ install කරලා එකේ වැඩ කරන්නේ...
දැනට නම් කියන්න තරම් වැරැද්දක් නෑ උබන්ටු වල මොකෝ මේකෙ ඕනම දෙයක් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුලුවන්. කොහොමින් කොහොම හරි මට මේ නත්තල ගත කරන්න උනේ උබන්ටුත් එක්ක :D ... ඔයාලා හැමෝටමත් සුභම සුභ නත්තලක් හා සුභ නව වසරක් වේවා. :)
පසුව ලියමි : මට මේ රවින්ද අයියාගෙ උබන්ටු අයිසිං කිරීම post එක කියවන්න ලැබුනෙ පස්සෙනෙ.... කියලා වැඩක් නෑ නියම ලිපි ටිකක්. ඒ ලිපි වල විදිහට මමත් මගෙ උබන්ටු අයිසිං කලා. පුදුමේ කියන්නෙ වින්ඩෝස් 7 වැඩ කලේ නැති aero effect (transparent tittle bar, flip 3D) වගේ එකී මෙකී නොකී ගොඩාක් visual effects උබන්ටු වල කිසිම කරදරයක් නැතුව වැඩ කරනවා. ඒත් කොම්පියුටරේ slow වෙන්නෙත් නෑ. පෙනේද ඒකෙත් අරුමේ... මෙච්චරකල් මම DirectX 9 support කරන්නෙ නැති VGA card එකට බැන බැන හිටියෙ අපරාදෙනේ. දැන්නම් ඉතින් මම කවදාවත් උබන්ටුනම් කොම්පියුටරෙන් අයින් කෙරන්නෙ නෑ.( මෙච්චරකල් බිල් ගේට්ස් අයියා අපිට ප්‍රෝඩාවනෙ කරලා තියෙන්නෙ. )
8 comments:
Keyboard එක වැඩ කරන්නApple PS/2 Driver එක ඉන්ස්ටෝල් කරන්න. Drivers category එකෙ තියෙන්නේ.Customize කරද්දි දාන්න ඕනා.
MacOS default support කරන්නේ USB KB/Mouse.
මම නම් Mac OS Laptop එකට දැම්මා. ආයෙත් අයින් කරලා දැම්මා. LCD එක native resolution එකට ගන්ඩ බෑ. Graphic driver නෑ(intel 4 series , 4500MHD graphics).
කොහොම හරි අන්තිමේ ලප්ටොප් Hard disk එක ගලවලා අරන් ඩෙක්ස්ටොප් එකෙන් partition table එක repair කරන්න උනා. BIOS POST එකෙ stuck වෙන්න ගත්තා active partition එක වෙනස් කලාම. (ලප්ටොප් ඔහොමමයී)
අර කවුද කොහේද ගියා වගේ! MacOS දාන්න ගිහිල්ලා Windows වලටත් බඩු හරි කරගෙන අන්තිමට නැවතුනේ Ubuntu වල! නරකමත් නෑ ගමන් මාර්ගේ!! :P
කොහොම උනත් "Welcome to the real word!" කියලා FOSS ලෝකෙට පිළිගන්නවා!
ඔයා ලග වින්ඩෝස් 7 ඩීවීඩී එකක් තිබ්බනම් මේක පහසුවෙන් හදාගන්න තිබ්බා. මේක බලන්න.
http://www.niharsworld.com/2009/11/09/solution-bootmgr-missing-press-ctrlaltdel-restart-error-boot-windows-7/
මේවත් ඔයාට ප්‍රයෝජනවත් වෙයි...
http://www.howtogeek.com/howto/windows-vista/fixing-bootmgr-is-missing-error-while-trying-to-boot-windows-vista/
http://www.fixya.com/support/t411366-bootmgr_missing
http://pcsupport.about.com/od/termsf/p/fixboot.htm
http://pcsupport.about.com/od/termsf/p/fixmbr.htm
ජය වේවා !!
මම Apple PS/2 Driver එක install කලා එත් keyboard එක වැඩ කලේ නෑ. අපරාදේ දවස් දෙකක් තිස්සේ ඩවුන්ලෝඩ් කරපුවා :(
මට ඉතින් උනොත් වෙන්නේ ඔහොම දෙයක්ම තමයි අයියේ...:( දැන් නම් ඉතින් දිගටම පාවිච්චි කරන්නේ උබන්ටුම තමයි. :)
මම වින්ඩෝස් බූට් උනේ නැති උනහම මුලින්ම කලේ උබන්ටු live cd එකෙන් boot කරලා google දෙවියන්ට කන්නලව් කරපු එක. විස්වාස කරන්න මම ඔය හැම වෙබ් පිටුවකම තියෙන දේවල් කලා. ඒත් කිසිම වැඩක් උනේ නෑ :( බැරිම තැන තමයි උබන්ටු දා ගත්තේ. කෙසේ වෙතත් උදව්වට ගොඩාක් ස්තුතියි සහෝ :)
mac os install කරද්දි boot කරන partition එක ඒක විදිහට සකස් වෙනවා. පස්සෙ ඒක format කලාම boot කරන තැන හොයාගන්න බෑ. ඒකයි වෙලා තියෙන්නේ. windows 7 වලට MBR එක ආයෙ ලියන්න පුළුවන් වුනා නම් හරි. මම නම් දන්නෙ නෑ :D. හැබැයි ලිනක්ස් වලනම් ඔහොම උනාම Ubuntu 9.04 හෝ ඊට පරණ cd එකකින් boot කරලා grub command එකෙන් grub එක restore කර ගන්න පුළුවන්. simple plan එකක් නේද?
windows 7 වලත් setup DVD එකෙන් boot කරලා bootrec/fixmbr කියන command එකෙන් MBR එක හදන්න පුලුවන් මම හිතන විදිහට. එත් මට ඒක වැඩ කලේ නෑ. මමත් සිම්පල් ප්ලෑන් එකක් හින්දා උබන්ටුම දා ගත්තා. :)
Post a Comment