අලුත් අවුරුද්දේ තාම මුකුත් ලියන්නත් බැරි උනානේ. ඇත්තටම මේ දවස් ටිකේ ලියන්න තරම් මුකුත් විශේෂ දෙයක් උනේ නැති තරම්. හම්ම්... එහෙම්මත් කියන්න බැහැ හැබැයි. මොකෝ මට තාත්තා HP ලැප්ටොප් එකක් අරගෙන දුන්න :D. තාත්තගෙන් මම A/L පාස් උනාට ලැබුන තෑග්ග තමයි ඒක. මේ බ්ලොග් එකත් ලියන්නෙ ලැපෙන් තමයි.
ඒක නිසාම මට අද හිතුනා මම කොම්පුටර් පාවිච්ච් කරන්න පටන් ගත්තෙ කොහොමද කියල ලියන්න. ඒ කියන්නෙ මගේ කොම්පුටර් ඉතිහාසය... මුලින්ම මම කොම්පියුටරයක් අතින් ඇල්ලුවෙ මම පහ වසර ඉන්නකොට. මට අවුරුදු දහයෙදි (2000 දී) ටෙක් ශ්‍රි ලන්ක එකෙන් ශිෂ්‍යත්වයක් ලැබුනා කොම්පුටර් ඉගෙන ගන්න. ඒක තමයි මේ වෙනකම් මගේ ජීවිතේ මම කරපු එකම කොම්පුටර් course එක. අපිට මුලින්ම ඉගෙන්නුවෙ DOS ගැන. ඒ කාලෙ ඉතින් මට DOS කියන්නෙ ගොඩයට මැජික් වගේ ;). ඊට පස්සෙ විඩෝස් 98, ඔෆිස් 97 වගේ ඒවත් ඉගෙන්වුවා. ඒ course එක ඉවර උනාට පස්සෙ තමයි තාත්තා මට මුල්ම කොම්පුටරේ අරන් දුන්නෙ. ඒක පෙන්ටියම් I එකක්. ඒ දවස් වල හැටියට ඒක ලොකු දෙයක්. හැබැයි ඉතින් එකෙන් මම ගේම් ගැහුවා හැර වෙන වැදගත් මුකුත්නම් කලේ නැත්ද කොහෙද...
ඊට පස්සෙ තාත්තා මට 2003 දි පෙන්ටියම් IV කොම්පුටරයක් අරගෙන දුන්න. එකෙන් නම් හැබයි මම සෑහෙන්න වැඩ ගත්තා. ඒ කාලෙ මම තනියම VB ඉගෙනගෙන ප්‍රොග්‍රම්ස් ලිව්වා.FrontPage, Dreamweaver වලින් වෙබ් සයිට් හැදුවා, 3D max වලින් ඇනිමේශන් හැදුවා. හැබයි මේ හැම දෙයක්ම කලේ මම තනියම ඉගෙන ගෙන. ඒ දවස් වල මම හැම මාසෙම වගේ විජය පරිගනක සහ ප්‍රායෝගික පරිගනක සඟරා දෙක ගන්නවා. ඒවයි තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ.අනික ඒ කාලෙ රු.100ට ඕනම software CD එකක් ගන්නත් පුලුවන්නෙ :D. 2004 දි මම තනියම කොම්පුටරේට මොඩම් එකක් හයි කරගෙන Dialup-connection එකක් හදාගෙන හාහපුරා කියල ඉන්ටර්නෙට් ගියා. ඒ කාලෙ දැන් වගේ youtube, facebook තිබ්බෙ නැහැනෙ. මම ඒ දවස් වල ගොඩක්ම කලේ VB වලින් ප්‍රොග්‍රමින් වැඩ තමයි.
ඊට පස්සෙ ඉතින් 2006 දි O/L කරන්න මම ටික ටික කොම්පුටරෙන් ඈත් උනා. A/L class පටන් ගත්තට පස්සෙ කොම්පුටරේ පාවිච්චි කරන්න වෙලාවක් තිබ්බෙම නැහැ. ඒක නිසා දැන් VB ඉස්සරවගේ එච්චර මතකත් නැහැ :(. ඒත් හැබැයි මේ දවස් වල මම C ඉගෙන ගන්න තමයි මහන්සි වෙන්නෙ.. දැන් ඉතින් A/L ඉවර නිසා ඕන තරම් කාලෙ තියෙනවා මට කොම්පියුටරේ පාවිච්ච් කරන්න. හැබයි මේ දවස් වල නම් මම පැය 24න් පැය 10ක් විතරම් ඉන්නෙ ඉන්ටර්නෙට් එකේ (SLT ADSL වලට පින් සිද්ධ වෙන්න)
ඒකෙ ඉතින් වැරැද්දකුත් නැහැනෙ. කොහොමත් කැම්පස් පටන්ගන්නකම් වෙන කරන්න දේකුත් නැහැනෙ ඉතින්. හැබැයි මේ බ්ලොග් එක ලියද්දි මට මතක් වෙන්නෙ අපි A/L කරපු කාලෙ මුලු දවසෙම වගේ facebook හිටපු මගෙ යාලුවෝ ගැන.ඒ ගොල්ලනෙගෙන් කීදෙනෙක් A/L ඇන ගත්තද? :( දැන් තමයි ඒගොල්ලන්ට තේරිලා තියෙන්නෙ ඒ කාලෙ පාඩම් කටයුත්තකට යෙදෙව්වනම් කොච්චර හොඳද කියලා. හැබැයි ඉතින් තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි. මම කියන්නෙ අපි මේ අලුත් තාක්ෂණය අපේ ජීවිතෙන් ඈත් කරන්න ඕන කියන එක නෙමෙයි. අපි ඒක යොදාගන්න ඕන අපේ ජීවිතේ අර්ථවත් කරගන්න, නතුව ජීවිතේ අවුල් කරගන්න නෙමෙයි.ඉගෙන ගන්න කාලෙ ඉගෙනීමට මුල්තැන. අනිත් ඔක්කොම දේවල් ගැන හිතන්න ඕන ඊට පස්සෙ. :)
මදැයි මම කියන්න පටන්ගත්තෙ එකක්, කියලා ඉවර උනේ තව එකක් :P....ලොල්... දැන් ලිව්වා හොදටම ඇති. නැත්තම් තව මොනවා ලියාවිද දන්නෙ නැහැ. ඔන්න මේ එක්කම මම මගේ අලුත් ලැපේ ෆොටෝස් ටිකකුත් දැම්මා... ;)
PS : තව ඩින්ගෙන් අමතක වෙනවනෙ.. දැන්නම් ඉතින් අලුත් අවුරුද්ද ලබලා මාස භගෙකුත් ගෙවිලා ඉවරයි. ඒත් ඉතින් මට ඔයගොල්ලන්ට අලුත් අවුරුද්දට සුභ පතන්නත් බැරි උනානෙ :D.. ඔන්න මේ බ්ලොග් එක කියවන, නොකියවන එකී මෙකී නොකී හැමදෙනාටම ලැබුවාවූ 2010 කිරියෙන් පැනියෙන් ඉතිරෙන සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වෙන සුභම සුභ නව වසරක් වේවා!!! :)