Lucid lynx ව Leopard කෙනෙක් කරමු. [Part-II]

Sunday, May 16, 2010 by sajith

අද කලින් පෝස්ට් එකේ දාපු Lucid lynx ව Leopard කෙනෙක් කරමු හි දෙවන කොටස දාන්න හිතුනා. මේ පෝස්ට් එකේ animations ටිකයි login screen එකයි වෙනස් කරන විදිහ තමයි සඳහන් වෙන්නෙ.

1. Animations configure කිරීම.

මේ සඳහා පළමුව Compiz Fuzion install කරගත යුතු වේ. මේ පිළිබඳව සවිස්තරාත්මක උපදෙස් සඳහා Ubuntu අයිසිං කිරීම (2 කොටස)-Compiz Fusion වෙත ගොස් බලන්න. එහි Compiz Fuzion install කිරීම හා එහි effects කිහිපයක් ක්‍රියාත්මක කරන අයුරුද අඩංගු වේ.

දැන් අපේ animations ටික configure කරමු.

  • පළමුව Compiz Fuzion හි Accessibility –> Opacity,Brightness and Saturation වෙත යන්න. පසුව එහි Opacity tab එකේ Windows specific settings යටතේ New button එක click කර පහත පරිදි settings ඇතුලත් කරන්න.

opacity

  • අනතුරුව Effects –> Animations වෙත ගොස් එහි Minimize Animation tab එක වෙත පිවිස minimize effect එක Magic Lamp ලෙස පහත පරිදි වෙනස් කරන්න.

minimize

  •   පසුව Window Management –> Scale වෙත ගොස් පහත පරිදි එහි Initiate Window Picker ලෙස BottomRight select කරන්න.

scale

එවිට mouse pointer එක screen එකේ පහළ දකුණු කෙළවර වෙත ගෙන ගිය විට පහත පරිදි විවෘතව ඇති සියලුම windows සකස් වේ. මින් අපිට කැමති windows එක select කරගත හැක.

expose

 

2. Login Screen එක වෙනස් කිරීම.

  • පළමුව terminal එක open කර පහත command එක type කර enter කරන්න.

gksu -u gdm dbus-launch gnome-appearance-properties

  • පසුව ලැබෙන Appearence Preferences window ඒකෙන් theme tab එක select කරල කලින් ඩවුන්ලෝඩ් කරපු GTK Leopard2.tar.gz , Khan_X.tar.gz යන files, theme tab එකට drag කරන්න. එතකොට ඒ තීම් files ටික install වෙනවා.
  • පසුව theme tab එකේම තියෙන customize button එක click කරන්න. අනතුරුව ලැබෙන customize theme windows එකේ controls -> GTK Leopard2 | windows border -> GTK Leopard | pointer -> Shere Khan X යනාදිය select කරන්න.
  • මීට අදාල wallpaper එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඒකත් appearence preferences window එකේ background tab එකෙන් දාගන්න.

දැන් Appearence Preferences window එක close කර terminal එකද close කරන්න.

දැන් computer එක restart කරන්න. එවිට login screen එක mac os x leopard ආකාරයට වෙනස් වී තියේවි.

0 comments:

Post a Comment