සැඟවුනු ච'නෝබිල් නගරය (Lost City of Chernobyl)

Tuesday, February 23, 2010 by sajith
1986 අප්‍රේල් 26 දින මධ්‍යම රාත්‍රිය පසුවී ටික වේලාවකට පසු, එනම් හරියට ග්‍රිනිච් වේලාවෙන් 01:23 ට යුක්‍රේනයේ ච'නෝබිල් නගරයට ආසන්නව පිහිටා තිබූ න්‍යෂ්ටික බලාගාරයේ අතිවිශාල න්‍යෂ්ටික පිපිරීමක් සිදුවිය. මෙම ච'නෝබිල් ව්‍යවසනය මෙතෙක් ඉතිහාසය තුළ සිදුවූ විශාලතම න්‍යෂ්ටික බලාගාර අනතුර වන අතර එමගින් ක්ෂණිකව විශාල න්‍යෂ්ටික අංශු වලාවක් අසල පිහිටි රටවල් කරාද පැතිර ගියේය. මෙමගින් වඩාත්ම හානියට පත්වූයේ එවකට සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ යුක්‍රේනය හා බෙලරුසියාවය. යුක්‍රේනයට අයත් ච'නෝබිල් නගරය අද වනතුරුත් මිනිසුන්ට වාසය කිරීමට නුසුදුසු ලෙස විකිරණශීලී න්‍යෂ්ටික අපද්‍රව්‍ය වලින් අපිරිසිදු වී ඇත. මේ නිසා එවකදී අත් හරින ලද මෙම බිම් පෙදෙස් තවමත් මීට වසර 24 කට පෙර තිබූ අයුරින්ම පවතී. නමුත් මේ වන විට මෙම පෙදෙස් නැරඹීමට සංචාරකයන් පැමිණෙන අතර මේ පහලින් දැක්වෙනුයේ එළෙස සංචාරයේ යෙදුනු Alexander Vikulov විසින් ච'නෝබිල් නගරය හා ඒ අවට ගන්නා ලද ඡායාරූප වේ. මෙම ඡායාරූප වල ඇති වටිනාකම වනුයේ එමගින් එවකට පැවති සෝවියට සමූහාණ්ඩුවේ අංග ලක්ෂණ තවමත් නොනැසී පවතින අයුරු මනාව පිළිබිඹු වීමයි.

3 comments:

pasindu said...

lassanai.....niyamai....matath ekak hadanna hithenawa...great idea..harima lassanai..neth pinawanawa..kan kalu karanawa.....bt me site 1 hadapu eka num epa karapu ekek..:P eyata mechchara deyak karanna puluwanda kiyala mata pudumai...

sajithdilshan said...

thax.... dekkane ape weda!!!... :P

uvindubt said...

මං දන්න ටිකකුත් කියල යන්නම්, විශ්වාස කරනවද මේක?? හිරෝශිමා-නාගසකි පිපිරුම් වලින් මොකද උනේ?? ක්ෂනයෙන් ජීවිත් ලක්ශ ගානක් අහිමි උනා, මේ පිපිරුම ලිට්ල් බෝයි ට වඩා 1000ගුනයටත් වඩා බරපතලයි, ඒත් පිපුරුමෙන් වහා අහිමි උනේ ජීවිත 38 යි! කොහොමද උනෙ?? හොයල බලන්න ,,,,ඒත් මේ පිපුරුමෙන් උනු විනාශය හෙමින් උනේ..... තව අවුරුදු 200ක් ගියාම තමා විකිරණශීලීත්වය හානිකර මට්ටමෙන් අඩු වෙන්නෙ.

Post a Comment