මේකෙ කතාව ගෙතිල තියෙන්නෙ සමාජීය බැදීම් වලින් නිදහස්ව තමන්ට කැමති විදිහට නිදහසේ ජීවිතය විඳගන්න උත්සහ කරන තරුණයෙක්ගේ ජීවන පුවත වටායි. බොහෝම සරලව කිසිම බැඳීමක් නැතිව කුරුල්ලෙක් වගේ කැලිෆෝනියාවේ සිට ඇලස්කාව දක්වා සංචාරය කරපු Christopher McCandless නම් තරුණයෙකුගේ සත්‍ය ජීවන කතාවක් ඇසුරින් තමයි මේ ෆිල්ම් එක කරල තියෙන්නෙ
මේ ෆිල්ම් එක බලපුවහම මට ඇත්තටම ඒ පුද්ගලයා ගැන ඇතිවුනේ පොඩි ඉරිසියාවක්. මොකද ඔහු අද මම අත්නොවිඳින නිදහසක් අත්විඳපු නිසා. :) කතාවෙ හැටියට ඔහු තම සංචාරය පටන්ගන්නෙ අතේ තියෙන ඔක්කොම සල්ලි ටික පුච්චලා. මේ ගමනෙදි ඔහු ගොඩක් අත්දැකීම් ලබා ගන්නව. සමාජයේ ජීවත්වන විවිධාකාර මිනිසුන් ඇසුරු කරන්න ලැබෙනව. නමුත් ඔහුගේ විශේෂත්වය වන්නේ තමාට මුණගැසෙන කිසිම දෙයකට තදින් නොබැදීමයි. ඒ කියන්නෙ ඔහු තම නිදහස උපරිමයෙන්ම අහය කිරීමයි.
ඔයාලත් මේ ෆිල්ම් එක බලලා නැත්තම් අනිවාර්යයෙන්ම බලන්න. මෙතනින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඇත්තටම මටත් ෆිල්ම් එක බලපුගමන්ම ආස හිතුන ඇලෙක්ස් වගේම මටත් නිදහසේ ජීවිතය ගතකරන්න ඇත්තම් කියල. ඒත් ඒ එක්කම මට O/L කාලෙ ඉගෙන ගත්ත Robert Frost ගෙ poem එකක මේ පද පේළි ටික මතක් උනා...
The woods are lovely dark and deep
But I have promises to keep
And miles to go before I sleep
And miles to go before I sleep……
14 comments:
"Miles to go before I sleep…" හුරුපුරුදු පද පෙළක්.. ඉබේටම ඇහැ ගියා."Stopping by Woods on a Snowy Evening" නේද poem එක. ඒ පැදි පෙළට මාත් පුදුමාකාර විදියට ඇලුම් කරනවා.
මං ෆිල්ම් 1 නම් බලලා නැහැ. වෙලාවක බලන්න ඕනෙ. :)
ඔව් ඒක තමයි poem එක. :) මමත් ගොඩක් ආස poem එකක්. ෆිල්ම් එකත් ඒ වගේම ලස්සනයි. :)
I will watch the film machan. Thank you.
you are most welcome bro!!! :D
මම නම් තාම මේක බලල නෑ
බලන්න වටින එකක් වගෙ :)
අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක් :)
චිත්‍රපටිය නම් බලල නැහැ. ඒත් මාතෘකාව දැකපු ගමන් ඕලෙවල් කාලෙට මතකෙ ගියා. බොහොම ස්තුතියි මතක් කළාට! :)
:D
මගෙත් සිත් ගත් කවියක්. ඒ නිසා මයි මාත් ඇදිල ආවෙ. මමත් ඔය පේලිය (Milest to go before I sleep) මටම කියා ගන්නවා හුඟක් වෙලාවට, එක්තරා නිදහසට කරුණු කීමක් ලෙස. Into the Wild බලන්න ලැබුනෙ නෑ. ඒක කොපි කරගෙන දවස් දෙක තුනකින් හාඩ් ඩිස්ක් එක අබලන් වුනා. බලන්නම ඕන...
ඔව්. ගොඩක් අපූරු තේරුමක් තියෙන poem එකක්. ෆිල්ම් එකත් ඉක්මනටම බලන්න :D
:) මෙන්න මෙයාත් බයිස්කෝප් ලියන්න පටන් අරන්.. හෙ හේ...
හොදයි වගේ,, මම නම් බලලා නෑ මලයෝ.. මේ දවස් වල වැඩ. පස්සේ බලමුකෝ..
හිහි... නෑ අයියේ... මේක මම බලපු ෆිල්ම් වලින් ගොඩක් හිතට දැනුන ෆිල්ම් එකක්. ඒකයි ලියන්න හිතුනෙ. වෙලාවක් ලැබුනොත් අනිවාර්යයෙන්ම බලන්න. :D
බාමූ බාමූ...
මේකත් බාමූ
/බිඟුවා...!
එළ...එළ....;)
Post a Comment