මේකෙ කතාව ගෙතිල තියෙන්නෙ සමාජීය බැදීම් වලින් නිදහස්ව තමන්ට කැමති විදිහට නිදහසේ ජීවිතය විඳගන්න උත්සහ කරන තරුණයෙක්ගේ ජීවන පුවත වටායි. බොහෝම සරලව කිසිම බැඳීමක් නැතිව කුරුල්ලෙක් වගේ කැලිෆෝනියාවේ සිට ඇලස්කාව දක්වා සංචාරය කරපු Christopher McCandless නම් තරුණයෙකුගේ සත්‍ය ජීවන කතාවක් ඇසුරින් තමයි මේ ෆිල්ම් එක කරල තියෙන්නෙ
මේ ෆිල්ම් එක බලපුවහම මට ඇත්තටම ඒ පුද්ගලයා ගැන ඇතිවුනේ පොඩි ඉරිසියාවක්. මොකද ඔහු අද මම අත්නොවිඳින නිදහසක් අත්විඳපු නිසා. :) කතාවෙ හැටියට ඔහු තම සංචාරය පටන්ගන්නෙ අතේ තියෙන ඔක්කොම සල්ලි ටික පුච්චලා. මේ ගමනෙදි ඔහු ගොඩක් අත්දැකීම් ලබා ගන්නව. සමාජයේ ජීවත්වන විවිධාකාර මිනිසුන් ඇසුරු කරන්න ලැබෙනව. නමුත් ඔහුගේ විශේෂත්වය වන්නේ තමාට මුණගැසෙන කිසිම දෙයකට තදින් නොබැදීමයි. ඒ කියන්නෙ ඔහු තම නිදහස උපරිමයෙන්ම අහය කිරීමයි.
ඔයාලත් මේ ෆිල්ම් එක බලලා නැත්තම් අනිවාර්‍යයෙන්ම බලන්න. මෙතනින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඇත්තටම මටත් ෆිල්ම් එක බලපුගමන්ම ආස හිතුන ඇලෙක්ස් වගේම මටත් නිදහසේ ජීවිතය ගතකරන්න ඇත්තම් කියල. ඒත් ඒ එක්කම මට O/L කාලෙ ඉගෙන ගත්ත Robert Frost ගෙ poem එකක මේ පද පේළි ටික මතක් උනා...
The woods are lovely dark and deep
But I have promises to keep
And miles to go before I sleep
And miles to go before I sleep……