සිතන්නට යමක්

Wednesday, May 19, 2010 by sajith

Susan Boyleමට මේ ලිපිය ලියන්න හිතුනෙ youtube එකේ වීඩියෝවක් දැකලා. ඒකෙ තියෙන්නෙ  Susan Boyle නැමැති 47 හැවිරිදි  කාන්තාව බ්‍රිතාන්‍ය රියැලිටි තරඟයකට ඉදිරිපත් වීම පිළිබඳවයි. ඇය වේදිකාවට පැමිණ ඇගේ විස්තර සහ ඇගේ සිහිනය වෘත්තීමය වශයෙන් ගායිකාවක් වීම යැයි පවසන විට මුලු ප්‍රේක්ෂකාගාරයම ඇයව සමච්චලයට ලක් කරනවා. නමුත් ඇය ගායනය අරඹනවාත් එක්කම මුලු ප්‍රේක්ෂකාගාරයම අසුන් වලින් නැගිට ඇයට අත්පෙළොසන් දෙනවා. පොඩ්ඩක් හිතන්න මේ ප්‍රේක්ශකයන් ඇයව දු‍ටු විටම ඇගේ ගායන හැකියාව ගැන කිසිවක් නොදැන ඇගේ බාහිර ස්වරූපය මත එළඹුනු නිගමනයක් නිසා ඇයව සමච්චලයට ලක් කිරීම මනස උසස් යැයි කියන මිනිසාගේ කෙතරම් පහත් ක්‍රියාවක්ද?

මෙය එක් සිදුවීමක් පමණි. මෙවන් අවස්තා තවත් කොපමණ සිදුවී ඇත්ද? ඉදිරියට සිදුවේවිද? මක්නිසාදයත් අපිට ලෝකයා සිතන පතන විදිහ වෙනස් කළ නොහැකි බැවින් ඉදිරියටත් මෙවන් සිදුවීම් ඇතිවනු නිසැකය. එහෙත් අපට කළ හැකි එක දෙයක් ඇත. එනම් අපි, තමුන් වෙනස් වීමයි. කෙනෙක්ගෙ බාහිර ස්වරූපය, කථා විලාශයෙන්, ඇදුම් පැළදුමෙන් ඔහුගෙ හැකියාවන් කිසිදිනක තක්සේරු නොකරන්න. සෑමවිටම විවෘත, මධ්‍යස්ත සිතකින් තවකෙක් ගැන සිතන්න.

ඒ වගේම කොතරම් ගැරහිලි, බාධක ආවත් ඒවාට බිය නොවී තමුන්ගේ අරමුණ හඹා යන්න. එම ගමනේදී බොහෝ දෙනෙක් තමුන්ගෙ වැරදි දකීවි, තමුන්ව සමච්චලයට ලක් කරාවි, ඒ වගේම බැරිම තැන කරන්න පුලුවන් හැම දුෂ්ඨකමක්ම කරාවි. ඒත් ඒ සියල්ලම සඳහා ඔවුන්ගෙන් පළිගැනීමට ඇති සුදුසුම මාර්ගය ඒ කෙනෙහිලිකම් කිසිවක් හමුවේ නොසැලී තමුන්ගේ අරමුණ සාක්ෂාත් කරගැනීමයි. එවිට තමුන්ට විඳින්නට ලැබෙන තෘප්තිය වචනයෙන් කියා නිමකළ නොහැකි තරම්ය. මේක මම අත්දැකීමෙන්ම කියන දෙයක්. :-)

අවසාන වශයෙන් පහළ තියෙන්නෙ ඒ ආකාරයෙන් තමුන්ගෙ අරමුණ සඵල කරගත් ජයග්‍රාහිකාවක් වන Susan Boyle ගේ ගායනය අඩංගු වීඩියෝවයි.වීඩියෝව නරඹන අතරතුර පොඩ්ඩක් සිතා බලන්න..... වේදිකාවට සූසන් පැමිනෙන විට ඔබත් එහි සිටියානම් ඔබේ ප්‍රතිචාරය කුමක්වනු ඇත්දැයි කියා....

0 comments:

Post a Comment